Pitakavare [පිටකවරේ අමු සින්දුව] Lyrics - Song By Sanjeew Lonliyes

 Pitakavare [පිටකවරේ අමු සින්දුව] Lyrics - Song By Sanjeew Lonliyes




 Pita Kaware Lyrics

 

  කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ

 හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ

 පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ

 පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ

 

 පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා

 නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා

 ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා

 මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා

 මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා

 

  සඳ මතින් ඇවිද ගිය විටකදි ඉඳුවර නෙතු අතරේ

 කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ

 වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ

 මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ

 

  දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ

 මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ

 උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ

 අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ

 අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ

 අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ


  Artist: සංජීව් ලෝන්ලියෙස්

 Album:පිටකවරේ අමු සින්දු

 Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි

  Music - සංජීව් ලෝන්ලියෙස් 

 Melody - සංජීව් ලෝන්ලියෙස් 


 WATCH ON YOUTUBE

>








Post a Comment

0 Comments